මේ දිනවල කුඩා ළමයින් අතර ඇස් රෝගයක් පැතිර යන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කෙරෙනවා.
ඇස් රතු වීම, කබ ගැලීම සහ ඇස් කැසීම එම රෝගයේ ලක්ෂණ බවයි ඒ මහතා සඳහන් කළේ.
මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.