Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩේවිඩ්ගේ ප්‍රතිමාව සිසුන්ට පෙන්වූ නිසා විදුහල්පතිවරයෙකුට එරෙහිව පැමිණිල්ලක්

2 years ago 3.3 K

සිසුන්ව අසභ්‍ය දර්ශනවලට නිරාවරණය වන බවට දෙමාපියෙකු කළ පැමිණිල්ලකට අනුව ෆ්ලොරිඩාවේ විදුහල්පතිවරයෙකුට ඉල්ලා අස්වීමට සිදුව තිබෙනවා.

පුනරුදය පිළිබඳ චිත්‍ර පාඩමේදී මයිකල් ඇන්ජලෝගේ ඩේවිඩ් ප්‍රතිමාව සිසුන්ට පෙන්වීමෙන් පසුව මෙම ප්‍රශ්නය මතුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඩේවිඩ්ගේ ප්‍රතිමාව බටහිර මෙන්ම පෙරදිග කලාපය තුළත් ප්‍රසිද්ධියට ලැබූ ප්‍රතිමාවක් වනවා.

නමුත් එක් දෙමව්පියෙක් එම තොරතුරු අසභ්‍ය දර්ශන සහිත බවට පැමිණිලි කළ අතර තවත් දෙදෙනෙක් කියා සිටියේ එය ඉගැන්වීමට පෙර පන්තියේ සිසුන්ගේ වයස ගැන දැන සිටීම අත්‍යවශ්‍ය වන බවයි.

පාඩමට මයිකල්ඇන්ජලෝගේ “Creation of Adam” චිත්‍රය සහ Botticelli ගේ “Birth of Venus” චිත්‍රයද යොදාගෙන තිබෙනවා.

Tallahassee පාසලේ විදුහල්පති Hope Carrasaquilla කියා සිටියේ ඉල්ලා අස්වීම ගැන පාසල් මණ්ඩලය විසින් අවසන් නිවේදනයක් ලබා දීමෙන් පසුව ඇය ඉල්ලා අස් වූ බවයි.

Hope Carrasquilla මහත්මිය Tallahassee පාසලේ විදුහල්පතිනිය ලෙස වසරකටත් අඩු කාලයක් කටයුතු කළ අයෙකු බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියෙන් පසුව බ්‍රහස්පතින්දා ෆ්ලොරිඩාවේ ආණ්ඩුකාරවරයා රජයේ පාසල්වලට ලිංගික අධ්‍යාපනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඉගැන්වීම තහනම් කරන නීතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම නීතිය උල්ලංඝණය කරන ගුරුවරුන්ගේ පන්ති තහනම් කිරීමට හෝ ඔවුන්ගේ ඉගැන්වීම් බලපත්‍ර අහිමි කිරීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *