වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනා ගත් බව කියන බාලවයස්කාර පාසල් සිසුවියක් රවටා ඇය මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි කියනඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
අත්අඩංගුවට ගැනීමට සොයන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක් අවුරුදු 15 ක් වයසැති මෙම දැරිය වට්ස් අප් මාර්ගයෙන් හඳුනා ගෙන කාලයක් තිස්සේ සිට ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි බවට පැවසෙන මෙම අය මහනුවරට පැමිණ ඇය රවටා ගෙන ගැටබේ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකටරැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.
එදින දකින තෙක් මෙම බාලවයස්කාර සිසුවිය එම පුද්ගලයා දැක නොතිබූ බවද කියති.
අපයෝජනයට ලක් වූයේ යැයි කියන මෙම බාලවයස්කාර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය කීය.
මහනුවර මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.