ජාත්‍යන්තර ක්‍රමවේදයකට අනුව සැකසුණු ස්ටීම් අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වා දීමේ පළමු වැඩසටහන, එළැඹෙන 31 වැනිදා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.
පංති කාමරයකට සීමා වී හදාරන අධ්‍යාපනය වෙනුවට දරුවන් බාහිර පරිසරයට සමීප කරමින් ඉගැන්වීම් කරන, ස්ටීම් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ වඩාත් ඵලදායී ක්‍රියාශීලී දරුවන් පිරිසක් බිහි කළ හැකි බව ද, මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.