පොලිස් කොස්තාපල්වරයකුට පහරදී ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් කනත්තක් ඉදිරිපිට දමා ගිය බව කියන පුවතක් වාර්තා වේ.
පොලිස් කොස්තාපල්වරයා රාජකාරි නිමාකර රාත්‍රියේ යතුරුපැදියකින් සිය නිවෙස බලා යමින් සිටියදී ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් නිවෙස ඉදිරිපිට සිටිනු දැක ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇත.
එහිදී පොලිස් කොස්තාපල්වරයාගේ නිවෙස ඉදිරිපිට සිටි පිරිසගෙන් හේතුව විමසූ විට ඔවුන් කොස්තාපල්වරයා සමඟ බහින්බස් වී ඇති අතර එහිදී කොස්තාපල්වරයාට මෙම පහරදීම සිදුකර ඇති බවද නවගත්තේගම පොලිසිය සදහන් කරයි.
අනතුරුව කොස්තාපල්වරයාට එම පිරිස පහරදීමෙන් පසුව එම කොස්තාපල්වරයා ත්‍රිරෝද රථයක නංවාගෙන රැගෙන ගොස් සුසාන භූමියක් ආසන්නයේ දමා ගොස් සිටියදී සොයාගෙන ඇත.
අනතුරුව පොලිස් කොස්තාපල්වරයා විසින් කරන ලද පැමිණිල්ලට අනුව විමර්ශන පවත්වා මෙම පහරදීමට සම්බන් පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් නවගත්තේගම පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගත්තේය.