Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතා මුදල් කෝටි ගණනක් වංචා කළ පීරමීඩ වංචාවේ අධ්‍යක්ෂකවරුන්ට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්! වංචාවට හසුවීමට පෙර ඔබත් දැනුවත් වෙන්න!

1 year ago 4.3 K

ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පිරමීඩ මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පෞද්ගලික සමාගමක (OnmaxDT) අධ්‍යක්ෂවරුන් හය දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

මෙසේ විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් සහ කොටස්කරුවන් වන සම්පත් සඳරුවන්, අතුල, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික සහ ධනංජය ජයන් යන අයටයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊයේ (28) මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බව Daily News පුවත්පත වාර්තා කළා.

මෙම විදේශ ගමන් තහනම පනවමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම තොරතුරු ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යවන ලෙසයි.

මීට අමතරව සැකකාර අධ්‍යක්ෂවරුන්ට සහ සමාගමට අයත් ගිණුම් 57ක් අත්හිටුවන ලෙස අදාළ බැංකු ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *