Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෝටර් රථ ආනයනය සම්බන්ධයෙන් රජය ගත් නවතම තීන්දුව

2 years ago 5.2 K

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,
“විදෙස් ශ්‍රමිකයින් දිරිගැන්වීම සඳහා ඔවුන් මෙරට එවන විදේශ විනිමය ප්‍රමාණය අනුව විදුලි මෝටර් රථ ගෙන්වීමේ පහසුකම සැපයීමට රජය තීරණය කළා. අලුත් කැබිනට් මණ්ඩලය අලුත් විදියට හිතන කැබිනට් එකක්. කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම මේකට සහයෝගය දුන්නා. සමහර මැති ඇමතිවරු යෝජනා ඉදිරිපත් කළා මේකට හයිබ්‍රිඩ් මෝටර් රථ එකතු කරන්න සහ පෙට්‍රල් මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවස්ථාව දෙන්න. රජයේ යම් තීන්දුවක් තියෙනවා ඉදිරියේදී අපි පුනර්ජනනීය බලශක්තිය කරා යා යුතුයි. විද්‍යුත් වාහන කරා යා යුතුයි කියලා. ඒක නිසා මේ යෝජනාව ඉදිරිපත් කළා. මෙතැනින් ඉදිරියට මේ රටට රජයක් විදියට තීන්දුවක ඉන්නවා පුළුවන් හැම අවස්ථාවකදීම විද්‍යුත් වාහන පමණක් ආනයනය කරන්න අවසර දෙන්න. අනාගතයේදී රජයට ගෙන්වන වාහන සියල්ල විද්‍යුත් වාහන පමණයි කියන තීන්දුවත් අරගෙන ඉවරයි.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *