12 හැවිරිදි දියණියක් පාසලේදී යුද විරෝධී චිත්‍රයක් ඇඳීම නිසා දියණිය වෙනුවට පියාට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් මාසයේදී මෙම දියණිය යුක්රේන ජාතික මවකට සහ දරුවෙකුට රුසියානු මිසයිල වර්ෂාවක් පතිත වන අයුරු දැක්වෙන පින්තූරයක් ඇඳ ඇති අතර මේ පිළිබදව එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුනා.
මෙම නඩුව රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරීන් අතර කැළඹීමක් ඇති කර ඇති අතර පියා සහ දියණිය නැවත එක් කිරීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.