Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙවැනි රෝග ලක්ෂණ පවතී නම් දරුවන් පාසල් යවන්න එපා! ළමා රෝග විශේෂඥයින්ගෙන් දෙමව්පියන්ට උපදෙස්!

2 years ago 9.7 K

කුඩා දරුවන් අතර මේ දිනයන්හි අක්ෂි රෝගයක් පැතිර යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මේ දිනයන්හි පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය මීට හේතු විය හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

අක්ෂි රෝගයට ගොදුරු වූ දරුවන් අතර ඇස්වලින් කබ ගැලීම, ඇස් රතු වීම යනාදි රෝග ලක්ෂණ දක්නට ඇතැයි ද හෙතෙම පැවසීය. මෙම රෝගය වයිරස් හෝ බැක්ටීරියා ආසාදනයක් විය හැකි බවත් කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, ඇස් රතු වීම හා කබ ගැලීම යනාදි රෝග ලක්ෂණ වේ නම් දරුවන් පාසල් නොයැවීමට සහ සෙනඟ ගැවසෙන ස්ථානයන්ට නොයැවීමට මාපිය වැඩිහිටියන් පියවර ගත යුතු බවත් ඒ මහතා පැවසුවේය.

මෙම රෝග ලක්ෂණ දිගටම පවතින්නේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.(දිනමිණ)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *