Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජූනි 1 වනදා සිට භාවිතය තහනම් වන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

6 months ago 8.6 K

මේ වසරේ ජුනි මස පළමුවැනිදා සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පැවසීය.

ඊට අදාළ රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු කරන බවද ඔහු කීවේය. 

ජාත්‍යන්තර කසළ ශුන්‍ය දිනය සැමරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොළඹදී ඊයේ (30) පවත්වන ලද වැඩසටහනකදී සභාපතිවරයා මේ බව පැවසුවේය. 

මෙරට තුළ දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 7,000 කට ආසන්න ප්‍රමාණයක් ජනනය වන බවද සභාපතිවරයා කීවේය. මෙරට ජනනය වන කසළවලින් සියයට 60 ක් ඉතා පහසුවෙන් පොහොර බවට පත්කිරීමේ හැකියාව පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය. ඉතිරි කසළ ප්‍රමාණය ප්‍රතිචක්‍රීයකරණය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ පළාත් පාලන අධිකාරිය යාන්ත්‍රණයක් සකසා ඇතැයිද ඔහු කීවේය.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *