රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.ඩී.එන්. රංජිත් අසෝක පත්කර තිබෙනවා.
මාර්තු 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක දැක්වෙන්නේ.
රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළ නීල් බණ්ඩාර හපුහින්න එම ධුරයෙන් ඉවත් කර පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ධුරය සඳහා අනුයුක්ත කරනු ලැබුවා.