එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෑන්හැටන් මහා ජූරි සභාවක් විසින් අධිචෝදනා පවරා තිබෙනවා.
ඒ ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක වන ස්ටෝමි ඩැනියෙල්ස් හා සිදු කළ අයථා ගනුදෙනුවකට අදාළව ඔහුට එරෙහිව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන අතරවාරයේ.
CNN වාර්තාවන්ට අනුව ට්‍රම්ප්ට එරෙහි චෝදනා 30ක් පමණ ගොනු වී ඇතැත්, ට්‍රම්ප්ට එරෙහිව ඇති අපරාධ සම්බන්ධ අධිචෝදනා මොනවා ද යන්න තවමත් නිශ්චිතව හෙළිදරව් කර නොමැති පසුබිමකයි 2024 වසරේ පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ට්‍රම්ප් ප්‍රචාරණ කටයුතුවල නියැලෙන්නේ.
කෙසේ නමුත් මෙම චෝදනාවලියත් සමග ට්‍රම්ප් වාර්තා අතරට එක් වන්නේ, එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු ධුරයේ සිටියදී හෝ ඉන් පසුව – අපරාධ චෝදනාවලට මුහුණ දී නොමැති බවයි.
මේ අතර පසුගිය 18 වැනිදා ට්‍රම්ප් කියා සිටියේ තමාව අත් අඩංගුවට ගැනීමේ තැතැක් තිබෙන බවයි.