කිළිනොච්චියේ ශාන්තපුරම් කලෙයිමගල් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල පැවත්වෙමින් තිබියදී බීමත්ව ක්‍රීඩාංගණයට කඩා වැදුණු තරුණයින් පිරිසක් ක්‍රීඩාංගණයේ සිටි විශාල පිරිසකට පහර දීම නිසා පාසල් සිසුවෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා 30 දා කිළිනොච්චිය රෝහලට ඇතුලත් කොට තිබේ.
අනපේක්ෂිතව එල්ල වූ මේ ප්‍රහාරය නිසා දොළොස් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් රෝහල් ගත වි ඇත්තේ පස් දෙනෙකු පමණකි.
ප්‍රහාරය මැද ක්‍රීඩාංගණයට ගිය දෙමව්පියන් පිරිසක් ප්‍රහාරයට පැමිණි තරුණයින්ගෙන් හතර දෙනෙකු අල්ලා පාසලේ කාමරයක් තුළ සිරකොට තබා පොලිසියට බාර දී තිබේ.
පොලීසියට බාර දුන් හතර දෙනා මීට දින කීපයකට පෙර කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු වූ දාමරික ක්‍රියා තුනක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන පසුව මුදා හරින ලද තරුණයින් හතර දෙනෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම තරුණයින් විසින් ක්‍රීඩාංගණයට පැන එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඔවුන් පොලීසියටද ඒ ගැන කිසිවක් ප්‍රකාශ කොට නොමැත.