හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල අරගලකරුවන් පිරිසක් අද (31) සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට පැවැති විරෝධයට අදට වසරක් සපිරීම නිමිති කරගෙනය.
ඒ අනුව අද පස්වරුවේ පිරිස එහි පැමිණි විරෝධතාව ආරම්භ කළ අතර පසුව පොලීසිය පැමිණ විරෝධතාවය විසුරුවා හැරීමට පියවර ගත්තේය.
එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර අරගලයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලී ඇතුළු කිහිපදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.
පසුගිය වසරේ මාර්තු 31 වැනි දින රටේ දේශපාලනික හා සමාජීය බල පෙරළියක මූලාරම්භය සනිටුහන් වූයේ මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික නිවසට ජනතාව ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමගයි.