Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටිහැටියේම ඊයේ සවස ඩොලරය රුපියල් 236 දක්වා පහත බැසීමට හේතුව මෙන්න! ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකුගෙන් පැහැදිලි කිරීමක්!

1 year ago 19.5 K

ගූගල් යෙදවුමට කිසියම් අයෙකු විසින් එක් කරන ලද සාවද්‍ය දත්ත සැපයීමක් හේතුවෙන් ඊයේ(31) පස්වරුවේ දී ගූගල් හි අමෙරිකානු ඩොලරයේ මිලෙහි අසීමිත අඩුවීමක් දක්නට හැකි වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය වසන්ත අතුකෝරල පවසනවා.

මහාචාර්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් පස්වරුවේ දී ඩොලරයේ අගය දැක්වුණේ රුපියල් 236.81ක් ලෙසයි. මෙම සිදුවීමත් සමග ඩොලරයේ අගය පහත වැටී රුපියලේ අගයේ දැඩි ශක්තිමත්භාවයක් නිරූපණය වූ බවයි මහාචාර්‍යවරයා කියා සිටියේ.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි දුර්වල මට්ටමක පවතින බවත් මෙලෙස ක්ෂණිකයකින් රුපියලේ අගය ශක්තිමත් වීමට ඉඩකඩක් කිසිසේත් ම නොමැති බවත් මහාචාර්‍ය වසන්ත අතුකෝරල පවසනවා.

රටක භාවිත වන මුදල් ඒකකයට අනුව ජාත්‍යන්තර මුදල් ඒකකයක් හා සංසන්දනය කිරීමේ දී එය ශක්තිමත් වීමේ ක්‍රම දෙකක් ඇති අතර, ඉන් එකක් වන්නේ රටේ ආර්ථිකය යහපත් මට්ටමක පැවතීම සහ තාවකාලිකව ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉහළ යන්නේ නම්, එම අවස්ථාවේ දී වුව ද යම් ආකාරයකට රුපියලේ අගය ශක්තිමත් වීමේ හැකියාවක් පවතින බවත් මහාචාර්‍යවරයා සඳහන් කළා.

මෙවැනි සාවද්‍ය සංස්කරණයන් ගූගල් හරහා සමාජගත වීම් මගින් ව්‍යාපාරික ආර්ථිකයට විශාල වශයෙන් අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි මහාචාර්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙවැනි වැරදි ක්‍රියා සිදුවීම සම්බන්ධයෙන් මධ්‍ය බැංකුව (මහ බැංකුව) සොයා බලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එය එසේ නොවුණහොත් රටේ සිදුවන ආනයන – අපනයන ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවයි ඒ මහතා පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *