Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිතුරා සමඟ එක්ව ආනන්තරීය පාපකර්මයක් සිදු කර රෝහල්ගත වුණු පුතුන් දෙදෙනා අත්අඩංගුවට! එක් අයෙකුට 17යි! අනෙකාට 19යි!

4.7 K

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේ දී සිය පියා ඝාතනය කළ පුතුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිතුරෙකු ඊයේ (31) යාපනය – කොඩිකාමම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේ වගා බිමක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශන වලදී මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

43 හැවිරිදි පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ වයස අවුරුදු 17 සහ 19 යන වයස්වල පසුවූ පුතුන් දෙදෙනා සහ තවත් 19 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

සිය පියා ඝාතනය කිරීමෙන් පසු වැඩිමහල් පුත්‍රයා හා ඔහුගේ මිතුරෙකු තුවාල සහිතව රෝහල්ගතව ඇති අතර, එහිදි ඔවුන් පවසා ඇත්තේ කිසියම් පිරිසක් පැමිණ තම පියා ඝාතනය කර පළා ගිය බවයි.

තම පියා බේරාගැනීමට උත්සාහ කිරීමේදී තමන්ට ද එම පිරිස පහරදුන් බවයි ඔවුන් පොලිසිය වෙත පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මියගිය පුද්ගලයා දැනට වසර දෙකක පමණ කාලයක සිට බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි පොලිසිය පසුව අනාවරණය කරගෙන ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බාල පුත්‍රයාගෙන් සිදුකළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ පියාගේ කරදර ඉවසා ගැනීමට නොහැකිව තමන් පියාව ඝාතනය කළ බවයි.

එහිදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් යාපනය – චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *