Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්! නව ක්‍රමවේදය සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට හා දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්!

2 years ago 10.5 K

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා වසරකට සිවුවරක් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට විදුහල්පතිවරුන්ට බලය පැවරේ. මේ බව සඳහන් වන්නේ එක, පහ, හය සහ එකොළහ ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කර තිබෙන නව චක්‍රලේඛයේය.

එම චක්‍රලේඛයට අනුව ක්‍රීඩා පාසල් හැර සෙසු සියලුම පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වාත් හයවැනි ශ්‍රේණියේ සිට එකොළොස් වැනි ශ්‍රේණිය දක්වාත් සමාන සමාන්තර පන්ති සංඛ්‍යාවක් පමණ පවත්වා ගත යුතු වන අතර ක්‍රීඩා පාසල්වල පමණක් ක්‍රීඩා කටයුතු සඳහා සුදුසුකම් ඇති සිසුන් වෙනුවෙන් අට වැනි ශ්‍රේණියේ දී අමතර පන්තියක් ආරම්භ කිරීමට ඉඩ ලැබේ. එම පන්තිය සමග ඇති වන සමාන්තර පන්ති සංඛ්‍යාව එකොළොස් වැනි ශ්‍රේණිය දක්වා පවත්වාගත යුතු වෙයි.

එක් එක් ශ්‍රේණිවල පවතින පුරප්පාඩු ගණනය කර ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂවරයාට ද පළාත් පාසලක් නම් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාටද ලබා දිය යුතුය. ජාතික පාසල්වල පුරප්පාඩු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ සහ පළාත් පාසල්වල පුරප්පාඩු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ද පළ කෙරේ. ඊට අමතරව පාසල්වල වෙබ් අඩවි මගින්ද පුරප්පාඩු ප්‍රසිද්ධ කළ යුතුය.

ජනවාරි, අප්‍රේල්, ජුලි සහ ඔක්තෝබර් මාසවන අවසන් දිනට පවතින පුරප්පාඩු ප්‍රසිද්ධ කර විදුහල්පති විසින් අයැදුම් පත් කැඳවනු ලැබිය යුතු වෙයි. සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි, මැයි, අගෝස්තු හා නොවැම්බර් යන මාසවල දී පැවැත්විය යුතුය.

සමුම්ඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ විදුහල්පතිවරයාය.

පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයැදුම්කරුවන්ගේ දරුවන්ට දෙක ශ්‍රේණිය සඳහා ද පාසල අයත් පෝෂිත ප්‍රදේශයේ පදිංචි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ එක් එක් වර්ෂවල දිස්ත්‍රික් කඩඉම් ලකුණු සීමාව ඉක්මවූ හත ශ්‍රේණියේ සිට දහය ශ්‍රේණිය දක්වා සිසුන්ට ද අයැදුම් කළ හැකිය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දරුවන්ට, ස්ථාන මාරු ලබන රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට, විදෙස් ගතව සිට පැමිණෙන්නන්ගේ දරුවන්ට ද මේ සඳහා අයැදුම් කළ හැකි වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දරුවන් ඇතුළත් කිරීමේ දී කෙටිම පොදු ප්‍රවාහන මාර්ගය අදාළ කර ගනිමින් පදිංචි ස්ථානයේ සිට පාසලට ඇති ආසන්නතාව සලකා බැලිය යුතුය.

දෙක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා එක් සමාන්තර පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහක් වන අතර හයවැනි ශ්‍රේණියේ සිට එකොළොස් වැනි ශ්‍රේණිය දක්වා පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව හතලිස් පහක් බව එහි සඳහන්ව ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *