Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නීතිඥවරුන්ගේ හා විනිසුරුවරුන්ගේ ඇඳුම් සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක්

2 years ago 3.3 K

මෙරට අධිකරණ ක්‍රියාවලියේ නිරත වන විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ඇඳුම් පිළිබඳව වන නීති සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නව සංශෝධනද ඇතුළත් ව ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ කාන්තා නීතිඥවරියකගේ ඇඳුමේ ස්වරූපය පහත දැක්වෙන කරුණුවලට අවධානය යොමු කරමින් සකසා ගත යුතු බවයි.

කාන්තා නීතිඥවරියකට ඇඳිය හැක්කේ,
(අ) සාරි සහ ජැකට් සුදු, කළු, සුදු, අළු හෝ මුඩු හෝ
(ආ) සුදු බ්ලවුස් සහ කළු කබාය සහ සපත්තු සහිත කළු කලිසම්; හෝ 
(ඇ) සුදු බ්ලවුස් සහිත කළු සායක් සහ කළු කබාය සහ සපත්තු
(ආ) උප-රීති (1) හි (ඇ) ඡේදයේ සඳහන් සායේ දිග වාඩි වී සිටින විට දණහිසට පහළින් වැටිය යුතුය.
(ඇ) උප-රීති (1) හි (ආ) සහ (ඇ) ඡේදවල සඳහන් කර ඇති බ්ලවුසය උස් බෙල්ලක් සහ දිගු අත් සහිත විය යුතුය”

යනුවෙන් එම සංශෝධනයන් හි සඳහන්.

මීට අමතරව පිරිමි නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ට,
(2) (අ) උප-රීති (1) හි (ආ) ඡේදයේ සඳහන් කර ඇති පරිදි කලිසමේ දිග වළලුකර දක්වා විය යුතු බව ද ප්‍රධාන වශයෙන් සඳහන් කර තිබෙනවා.

මෙම සංශෝධන 2023 මාර්තු 30 දින නිකුත් කරන ලද අංක 2325/44 අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ඉදිරියට බලපැවැත්වෙනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *