කුප්පි ලාම්පුවක් පෙරලීමෙන් ඇතිවූ ගින්නකින් මාස 06ක් වයසැති බිළිදෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මුලතිව් – පුදුකුඩිඉරිප්පු, තෝරාවිල් ප්රදේශයෙන් වාර්තා වෙනවා.
පසුගිය ජනවාරි මස 22 වැනිදා රාත්රියේ අදාළ ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ බිළිඳා යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ මොවුන් කුඩා කාමරයක ජීවත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බිළිදාගේ දෙමාපියන් ගෙමිදුලේ සිට ඇති බව සදහන්.