Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තුර්කි භූමි කම්පාවෙන් දිවි බේරුණු මාස 2 ක බිළිඳාගේ මව හමුවෙයි

1 year ago 1.6 K

තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් මාස 2 ක් වයසැති බිළිඳාගේ මව සොයාගෙන තිබෙනවා.

යුක්‍රේන අමාත්‍ය Anton Gerashchenko ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූමිකම්පාවෙන් පැය 128 කට පසුව එම බිළිඳා නිරුපද්‍රිතව සොයාගෙන තිබු අතර ලෝකයේම අවධානය ද ඒ වෙත යොමුව තිබුණා.

බිළිඳාගේ මව මියගොස් ඇති බවට මීට පෙර වාර්තා වී තිබු නමුත් බිළිඳාගේ මව ජීවතුන් අතර සිටින බව පසුව තහවුරු කරගත් බවයි යුක්‍රේන අමාත්‍ය Anton Gerashchenko ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

ඇය භූමිකම්පාවෙන් තුවාල ලබා වෙනත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර සිදු කළ DNA පරීක්ෂණයකින් අනතුරුව බිළිඳා සිය මව වෙත භාරදුන් බව යුක්‍රේන අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *