Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රෙදි සෝදන කුඩු ඇසුරුම් (රින්සෝ පැකට්) තහනම් කිරීමට රජය සූදානම් වෙයි

2 years ago 4.6 K

සබන් කුඩු ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් එල්ල වන බැවින් ඒවා තහනම් කිරීම කෙරෙහිද රජයේ පරිසර අංශවල අවධානය යොමුවී තිබේ.

ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 20 ප්‍රමාණයේ සබන් කුඩු, සබන් දියර ඇසුරුම් භාවිතය තහනම් වූවත් ග්‍රෑම් 250, 500 සහ කිලෝවේ ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් සිදුවන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පැවැසීය.

මේ නිසා එක් වරක් පමණක් භාවිත කළ හැකි මෙම පොලිතින් වර්ග භාවිතය අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය යොමුවී තිබේ.

සබන් කුඩු ඇසුරුම් ජල මූලාශ්‍රවලට වැඩි වශයෙන් බැහැර කිරීම නිසා විශාල පරිසර හානියක් සිදුවන බව පරිසරවේදීහු පවසති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *