Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගෑස් මිලෙහි අඩුවීම බේකරි නිෂ්පාදන සඳහා බලපාන අයුරු

2 years ago 3.3 K

ගෑස් මිල රුපියල් 1000 කින් අඩු වුවත්, පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට නම් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින්වත් අඩුවිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.

ඩීසල් හෝ ගෑස්, බිත්තර මිල ඉහළ ගිය කොයි අවස්ථාවකදී හෝ පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු නොකළ බවද ඔහු කීවේය.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කිරීමට සමාගම් කටයුතු කරන්නේ නම්, පාන් රාත්තලක මිලද රුපියල් 10 කින් අඩු කරන බව සභාපතිවරයා පැවසුවේය.

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක් රුපියල් 35 කට බේකරිවලට ලැබුණත් එම තොග ප්‍රමාණවත් නොවන බවත්, ආනයනික බිත්තර මෙරට බේකරි 100 කට වත් ලැබී නැති බවත්, මෙරට බේකරි සඳහා දිනකට බිත්තර ලක්ෂ 50 ත් 60 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත්, ආනයනය කර ඇත්තේ බේකරිවල පැය හයකට අවශ්‍ය බිත්තර ප්‍රමාණයක් බවත් ඔහු කීවේය.

කෙසේ නමුත්, ලබන සතිය වන විටදී මෙරට නිෂ්පාදනය කෙරෙන බිත්තර මිල අඩු වුවහොත්, ගෑස් සහ ඩීසල් මිලේ අඩු වීමද සලකා බලා පාරිභෝගිකයන්ට සහනයක් සැලසීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *