Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පවතින උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් ඇඳුමේ වෙනස්කම් කරන ලෙස වෛද්‍ය උපදෙස්

2 years ago 4.1 K

මේ දිනවල පවතින අධික විජලන තත්ත්වය හේතුවෙන් සරල ඇඳුම් භාවිතයට යොමු වන්නැයි වෛද්‍යවරු උපදෙස් ලබාදී තිබේ.

කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේ, විදෙස් රටවල පවතින එම සංස්කෘතිය ලංකාවට ද හඳුන්වා දිය යුතු බවය.

ඒ අනුව හිරු එළිය අවම වශයෙන් ශරීරගත වන අයුරින් ජනතාව නිවසින් බැහැරව යා යුතු බවත් පැවසු වෛද්‍යවරයා විජලන තත්ත්වයට වතුර පමණක් නොව ස්වභාවික දියර ආහාර පානය කිරීම ද සුදුසු බව පැවසීය.

“එංගලන්තය වගේ රටවල සමර් එකට එහෙම කරනවා. අපේ දරුවන්ටත් අපි කියන්නේ සරල ඇඳුමක් අඳින්න. ටයි දාන අයට ටයි එක නැතුව සරල ඇඳුමක්. සරල ඇඳුමක් ඇඳගෙන තමා පාසලට එන්න කියන්නේ. දැන් අපිටත් ඒ සංස්කෘතිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වෙලාවට ගොඩක් ඇඳගෙන යන්න හොඳ නෑ. ඇඳුම් ඇඳගත්තාහම වැඩිපුර දාඩිය දානවානේ. සරල ඇඳුමක්, තොප්පයක් දාගෙන හිරු එළිය අවම වෙන විදියට යන්න පුළුවන්. ඒක අපේ රටේ තාම භාවිත වෙන්නේ නෑ. අපි ඇඳුම් කිහිපයක් ඇඳගෙන තමා එළියට බහින්නේ.දරුවාගේ බරේ හැටියට තමයි වතුර ලැබෙන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් වැඩිපුර වතුර බෝතලයක් දරුවෙකුට දාලා යවන්න. වැඩිහිටියෙකුට වුණත් වතුර වෙනුවට තවත් දෙහි හෝ ජීවනි ටිකක් හරි අපේ පානයට ගමු. එමඟින් එළියට යන ප්‍රමාණය ශරීරයට ලබාදෙන්න පුළුවන්. එයින් එන සංකූලතා අවම කරගන්න පුළුවන්.”

මේ අතර රිජ්වේ ආර්යා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසා සිටියේ, වතුර වැඩිපුර පානය කිරීම තුළින් තරබාරුකම අඩුවෙන බවට පවතින මතවාදවල සත්‍යතාවයක් නොමැති බවය.

“ජලය බිපු පමණින්ම කෙට්ටු වෙන්නේ නෑ. හැබැයි කෑමට කලින් වතුර ටිකක් බොනවා නම්, ආහාරයට ගන්න ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා කෙට්ටු වෙන්න පුළුවන්.”(adaderana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *