Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනය හා උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

2 years ago 22.3 K

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා හෙට (5) හෝ අනිද්දා (6) ආරම්භ කරනු ඇතැයි  බලාපොරොත්තු වන බව  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  අද (4) පැවසීය.

එම ආචාර්යවරුන්ට උපරිම දීමනා දීමට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බොහෝ දෙනෙකුගේ  දරුවන්ද අපොසඋසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින හෙයින් ගෙවල්වලින් ප්‍රශ්න මතුවන නිසා  ඔවුන්ට තවදුරටත් එසේ කටයුතු කිරීමට නොහැකි බවද  අමාත්‍යවරයා කීවේය.

තවද අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට පැවැත්වීමට උපරිම උත්සාහ දරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාකර අවසන්වූ වහාම අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට හැකියාව ලැබෙන බවද ඔහු කීවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *