Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ මුහුදේ විශාල පැලීම්! භූ කම්පන ගැන විමසිලිමත් වන ලෙස භූ විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්!

6 K

කොළඹ නගරයේ බස්නාහිර දෙසට වන්නට ගැඹුරු මුහුදේ විශාල පැලීම් දක්නට ලැබෙන බවත් ඒවා හා බස්නාහිර පළාතට බලපාන භූ කම්පන අතර සබඳතාවක් ඇත්දැයි විමර්ශනය කළ යුතු බවත් භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.

මෑතකදී බේරුවල ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනය පිළිබඳ සුළුවෙන් නොතකා ඒ ගැන ද විධිමත් පරීක්ෂණයක් සිදුකර එම කම්පන ප්‍රධාන හේතුව කුමක් දැයි සොයා බැලීම අවශ්‍යතාවයක් වී ඇතැයිද හෙතෙම කියා සිටියි.

කොළඹ නගරය ආශ්‍රිතව භූ කම්පන මාන ස්ථාපිත ඒවායෙන් ලබාගන්නා දත්ත නිරීක්ෂණය කරමින් මෙම කම්පන වලට බලපාන ප්‍රධාන හේතු හඳුනා ගත හැකි බව ද හෙතෙම පැවසීය.

1615 වසරේ සිට කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල භූ කම්පන වාර්තා වී තිබුනද ඒවා ට හේතුව කුමක්දැයි මෙතෙක් හඳුනාගෙන නැතැයි මහාචාර්යවරයා කියා සිටී.

ඉදිරියේ දී කොළඹ බටහිර ප්‍රදේශයට වන්නට භූ කම්පන සිදුවිය හැකි නිසා අධික ජන ඝනත්වයක් සහිත මෙම ප්‍රදේශයන්හි ප්‍රබල කම්පනයක් ඇති වූවොත් ඉන් සිදුවන හානිය අති විශාල වනු ඇති බවත් එනිසා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *