Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත ගත් රථයට පූජාවක් තියන්න ගිය ගමන අනතුරකින් කෙළවර වෙයි! පස් මස් බිලිඳෙකු පවුලේ සැම රථය තුළ ඉඳලා!

2 years ago 3.2 K

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත් විමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් එක් අයෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

පසුගියදා මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වනරාජා වත්ත කොවිල අසලදිය.

අලුතින් මිල දි ගත් ත්‍රිරෝද රථයට පුජාවක් පැවැත්විම සදහා ත්‍රිරෝද රථය කෝවිල දක්වා ධාවනය කරන අතරතුර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගයේ හරහා පෙරලි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

ත්‍රිරෝද රථය අනතුරට පත් වන අවස්තාවේ ත්‍රිරෝද රථයේ මාස පහක බිලින්දෙක් ගමන් කර ඇතත් අනතුරෙන් එම බිලින්දාට කිසිදු අනතුරක් සිදු වි නොමැත.

ත්‍රිරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවත් ,අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවද පොලිසිය පැවසිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *