Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බත් පැකට්ටුව, කොත්තුව සහ ප්‍රයිඩ් රයිස් මිල අද සිට පහතට

1 year ago 6.4 K

ගෑස් මිල පහළ දැමීමත් සමඟ අද (05) සිට බත් පැකට්ටුව, කොත්තුව සහ ප්‍රයිඩ් රයිස් මිල 20%කින් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩුකරන බවය.

ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30ක් වන අතර කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.

එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ ආපනශාලා හිමියන් එම සහනය ජනතාවට ලබාදීමට අනිවාර්යයෙන් කටයුතු කළ යුතු බවයි.

ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට මිල පහත දමනු ලැබුවා.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,290කින් අඩු කර ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,990ක් ලෙසයි.කිලෝග්‍රෑම් පහේ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 516කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 1,596ක්.

එමෙන්ම කිලෝග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005කින් අඩු කිරීමටයි එම සමාගම පියවර ගනු ලැබුවේ. ඒ අනුව එහි නව මිල රුපියල් 3,738ක්. එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1502ක් ලෙසයි. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 183කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 700ක්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *