Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමැතිගේ මැරයන්ගෙන් පහර කෑ විදෙස් ආයෝජකයා ලංකාවෙන් යන්න තීරණය කරයි

2 years ago 4.1 K

කටාන බඩල්ගම පිහිටි සිය කර්මාන්ත ශාලාවට කඩාවැදී තමාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු නොකළහොත් මෙරට ආයෝජන කටයුතු නවතා දමා රටින් පිටව යෑමට එම කර්මාන්ත ශාලාවේ හිමිකරු වන ඕමාන ජාතිකයා තීරණය කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැරයන් පිරිසක් විසින් සිදුකරනු ලැබූ මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වනතුරු විධිමත් සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා නොමැති බව එම ව්‍යාපාරිකයා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ කටයුතු පිළිබඳ ඇමැති අලි සබ්රි මහතා කියා සිටියේ මේ පිළිබඳව ඕමාන් තානාපතිවරයා තමන්ට කරුණු දැක්වූ බවත්, ඒ අනුව තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් ය.

මෙම සිද්ධියට මුහුණ පෑ ආයෝජකයාට ආරක්‍ෂාවක් ලබාදීම සහ ඔහුට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ද අලි සබ්රි මහතා කියා සිටියේය.

කුලී පදනම මත එම ආයතනයට වාහනයක් ඇතුළු කිරීමට කළ උත්සාහයක් ව්‍යර්ථ වීමෙන් පසු කෝපයට පත් වූ මෙම රාජ්‍ය ඇමැතිවරයාගේ මැරයන් ඕමාන් ජාතික ව්‍යාපාරිකයාට සහ ආරක්‍ෂක නිලධාරියාට අමානුෂික ලෙස පහර දී තිබිණි. මැරයන් මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ රාජ්‍ය ඇමැතිවරයාගේ ද අනුදැනුම මත බව විමර්ශනවලින් හෙළි වී තිබිණි.

ප්‍රහාරය සඳහා මැරයන් 5 දෙනකු පැමිණ සිටි අතර ඉන් සිව්දෙනකු බඩල්ගම පොලිසිය මගින් පසුව අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට පත්වූවන්ගෙන් තිදෙනකු මෙම සිද්ධියට සම්බන්ධ අය නොවන අතර ඔවුන් බලහත්කාරයෙන්ම ඒ සඳහා ඉදිරිපත් වූවන් බව පසුව හෙළිවිය.(දිවයින)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *