Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මංගල සිහිනයට සැරසුණු 22 හැවිරිදි රසාංජලීට සිය පෙම්වතා ඉදිරියේදී අත් වූ අවාසනාවන්ත ඉරණම

2 years ago 10 K

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් අවාසනාවන්ත ලෙස තරුණියක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කඳාන ප්‍රදේශයේ පදිංචි රසාංජලී නමැති 22 හැවිරිදි වියේ පසුවූ තරුණියකි.

ඇය සිය පෙම්වතා සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබේ.

ඔවුන් දෙදෙනා තවත් කෙටි කලකින් විවාහ ගිවිස ගැනීමට සිට ඇත.

ඔවුන් දෙදෙනා ඊයේ දිනයේ මෙලෙස වරකාපොල උඩුවක ඇල්ල නැරඹීමට ගොස් ඇත.

අනතුරුව යළි නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේදී සිය ස්කූටර් වර්ගයේ යතුරුපැදිය මාර්ගය අයිනේ නවතා ඇත්තේ කජු මිලදීගැනීම සඳහාය.

මියගොස් ඇති තරුණිය යතුරුපැදිය අසළ සිටියදී පෙම්වතා කජු වෙළෙඳසැලක් වෙත ගොස් ඇත.

ඒ ක්ෂණයකින් අධික වේගයෙන් කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් යතුරුපැදිය අසළ සිටි තරුණියද යටකරගෙන අසළ පිහිටි කාණුවකට වැටී නැවතී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇත.

අදාළ බස් රථය යුද හමුදාව වෙත කුලී පදනම මත ලබාගෙන තිබූ බස් රථයක් වන අතර එහි රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිට්ටඹුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *