Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බාලවයස්කාර දියණියන් දෙදෙනාගේ අසාමාන්‍ය ලිංගික හැසිරීම නිසා රහස් ප්‍රදේශ පිළිස්සූ මව

2 years ago 6.4 K

එකොළොස් හැවිරිදි තම බාලවයස්කාර දියණිය ඇගේ ඥාති සහෝදරිය සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවක හැසිරුණැයි දියණියන් දෙදෙනාගේම රහස් ප්‍රදේශය ඇලුමීනියම් හැන්දක් රත්කර පුළුස්සා කෲරත්වයට පත් කළැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගත් මවක ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ප්සුගිය (04) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ  සේදවත්ත, වැල්ලම්පිටිය පදිංචි ඩෙවින්තා ඉෂානි පෙල්මිමන් නැමැති කාන්තාවය.

අවුරුදු 11ක් වයසැති ගැහැණු දරුවන් දෙදෙනකුගේ රහස් ප්‍රදේශ පුලුස්සා කෲරත්වයට පත්කර ඇතැයි සදහන් කරමින් කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසිය කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

සැකකාරිය, වයස අවුරුදු 11ක් වන ඇගේ දියණීය සහ සැකකාරියගේ සහෝදරියගේ දියණීය මෙලෙස පුලුස්සා ඇති බවත් මේ වන විටත් එම දැරියන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *