Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වයිටෝ මට සමාවෙයන් යනුවෙන් ලිපියක් ලියා අවසන් ගමන් ගිය 25 හැවිරිදි තරුණයා

2 years ago 3.9 K

“වයිටෝ මට සමාවෙයන්, උඹ විතරයි මගේ තනියට හිටියේ” කියා ලිපියක් ලියා තබා කාමරයේ එල්ලෙමින් තිබූ බව කියන තරුණයකුගේ දේහය ඉවතට ගැනීමට ඉඩ නොදී බුරා වැටෙමින් වයිටා රැකවල්ලාගෙන සිටි බව කියන සිද්ධියක් පෙරේදා  4 මීරිගම, පිරිස්යාල ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙසේ මියගියේ අඹේපුස්ස , පිරිස්යාල ප්‍රදේශයේ පදිංචිව සිටි  25 හැවිරිදි තරුණයෙකි.

තරුණයකුගේ සිරුර ඔහුගේ කාමරයේ එල්ලෙමින් ඇති බවට මීරිගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් පරිදි පොලිසිය හා මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා මරණ පරීක්ෂණයට යන අවස්ථාවේ නිවසේ ඇති දැඩි කළ වයිටා නමැති බල්ලා තරුණයාගේ කාමරය අසලට වී කිසිවකුට එහි ඇතුළුවීමට ඉඩනොදී සිටිනු දැකිය හැකිවී ඇත.

මියගිය අයගේ මව විදේශ රැකියාවක නිරත බවද පියා කලකට ඉහත අහිමිව ඇති බවද හෙළිවූ අතර ඔහු ලොකු අම්මා සමග කල්ගත කර ඇතැයිද අනාවරණය විය. තරුණයා නිතරම හුදෙකලා දිවියක් ගත කරන්නට පුරුදුව සිටි බවටද මෙහිදී හෙළිවී ඇත.

මහත් පරිශ්‍රමයකින් වයිටා ඉවත් කිරීමෙන් පසුව පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණු අතර මියගිය තරුණයා පාවිච්චි කළ ජංගම දුරකතනය හා ඔහු ලියූ බවට සැක කෙරෙන ලිපියක් සොයාගෙන ඇත. එම ලිපියේ තරුණයාගේ ජංගම දුරකතනයේ අගුලු ඉවත් කරන අන්දම දක්වා තිබී ඇති අතර ඒ අනුව කටයුතු කර දුරකතනය විවෘත කර බැලීමේදී එහි සටහන් කර තිබූ ලිපියක් පොලිසියට හමුවී ඇත.

 එහි පිටු ගණනාවක විස්තර ලියා තිබී ඇති අතර ‘මගේ මරණයෙන් කිසිවකුට අඬන්නට අයිතියක් නැති බව දක්වා තිබී ඇත. මගේ බල්ලයි පූසොයි කවුරු හරි  බලා ගන්නා ලෙස ඉල්ලා ඇති අතර ආදරයෙන් හදා වඩා ගන්නා කෙනකුට බල්ලා බාරදෙන ලෙසට ඉල්ලීමක්ද සටහන්වී තිබූ බව පොලිසිය සඳහන් කළේය.

අනතුරුව “වයිටෝ මට සමාවෙයන්, උඹ විතරයි මගේ තනියට හිටියේ” යනුවෙන්ද එහි සටහන් කර තිබූ බවද පොලිසිය එහිදී අනාවරණය කළේය.
(පුෂ්පකුමාර මල්ලවආරච්චි – ලංකාදීප)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *