Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පිසූ බත් වැඩියි කියා රයිස් කුකර් එකේ පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිළිස්සූ පියා

2 years ago 1.9 K

ක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකුර් එකෙහි පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිලිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි.

පින්වත්ත, වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් සිය මව සමග පැමිණ කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය පැවසීය.

පිලිස්සීම් තුවාල සහිත දැරිය සිය මව සමග පෙරේදා (05) රාත්‍රි පොලිසියට පැමිණිලි කර, ප්‍රතිකාර සදහා පානදුර මූලික රෝහලට පිටත්ව ගිය බව පොලිසිය පැවසීය.

දැරිය එදින රාත්‍රි 7.45 ට පමණ බත් පිසිමින් සිටියදී සැකකරු නිවස පැමිණ ඇති අතර දැරියගේ මව අසල වෙළද සැලකට ගොස් සිට ඇත.

රයිස් කුකර් එකෙහි පියන විවෘත කර බැලූ සැකකරු මෙතරම් හාල් මොකටද උයන්නේ යනුවෙන් පවසා රයිස් කුකුර් එකේ පියන ගෙන දැරියගේ මුහුනට තබා ඇති බවට දැරිය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පැවසීය.

මුහුන සහ කම්මුල් වල පිලිස්සීම් තුවාල ලැබූ දැරිය ඉක්මනින් රෝහල් කරා යොමුකල බව පොලිස් නිළධාරීයෙක් කියා සිටියේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතා පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *