කන්තලේ – අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලි පැනීමෙන් අනතුරක් සිදුව, පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
අද (07) පස්වරුවේ මෙම දුම්රිය අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
දුම්රිය පීලි පැනීමෙන් එහි ගමන් කරමින් සිටි දුම්රිය නියාමකවරුන් දෙදෙනකු සහ තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්රියාත්මකයි.