Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සමගි ජන බලවේගයට එක්වන ලෙස ජනපති රනිල්ට ආරාධනාවක්! ලොකු තනතුරක් ලබාදීමටත් යෝජනාවක්!

3 K

එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගය සමග එක් වන්නයි ආරාධනා කර සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

එක් මන්ත‍්‍රිවරයෙකු පමණක් සිටින පක්ෂයක නියෝජ්‍ය නායකත්වය ගැනීමට තම පක්ෂය සුදානම් නැතැයි ද හෙතෙම පැවසීය.

එම නිසා රනිල් වික්‍රමසිංහ මහතා කැමතිනම් සමගි ජන බලවේගයෙ නියෝජ්‍ය නායකකම භාරගෙන තම පක්ෂය හා එක් විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා විසින් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවක අමතමිනි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *