මෙම උත්සව සමයේ නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සදහා රට පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක සදහන් කරයි.
රටේ ජනතාව ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී ඉන්ධන නිකුත් කරන පොම්පයට අදාල මීටරය බිංදුවේ (0) පවතිනවාද යන්න පිළිබඳව හොදින් නිරීක්ෂණය කර අවදානයෙන් සිටින ලෙසද අධ්‍යක්ෂවරයා සදහන් කරයි.
ඉන්ධන ලබාගැනීමේදී ජනතාව වැඩි අවදානයක් යොමු නොකිරීම හේතුවෙන් පොම්ප කරුවන් අඩුවෙන් ඉන්ධන නිකුත් කරන බැවින් ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවද සදහන් කරයි.
එම කූට වෙළෙදුන්ගේ උපක්‍රම සම්බන්ධයෙන් රටේ ජනතාවට තොරතුරු දැනුම් දිය හැකි බවත් ඒ සදහා දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙන බවද මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක සදහන් කරයි.
එම 0112182250/2251/2253 යන මෙම දුරකථන අංකයන්ට කතාකර රටේ පාරිභෝගික මහජනතාවට සිදුවන සියලුම අපහසුතා පිළිබඳව දැනුම්දීමට හැකියාව ඇති බවද අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක තවදුරටත් සදහන් කරයි.