අපනයන ආදායම් ලබන්නන් හා විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් උපයා මෙරටට ගෙන එව සිය ඩොලර් ප්‍රමාණයක් අනිවාර්යෙන්ම රුපියල් බවට පරිවර්තනය කළ යුතු යැයි පනවා තිබූ නීතිය මෙම මස මුල සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව විදේශ ආදායම් උපයන්නන් ගේ ආදායම විදේශ මුදල් වලින්ම බැංකු ගිණුම්වල පවත්වාගෙන යා හැකිය.
මෙම තීරණය ගෙන ඇත්තේ විදේශ ප්‍රේෂණ, අපනයන ආදායම මෙන්ම සංචාරක ආදායම ද ඉහළ යාමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමිනි..