අධික ශබ්දයෙන් යුතුව ශ්‍රවණ උපකරණ භාවිතය කරන පිරිස් ශ්‍රවණාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බව උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසනවා.
තරුණ පිරිස් සඳහා මෙම අවධානම බහුලව පවතින බවයි ඇය පවසන්නේ.
බොහෝ පිරිස් පැහැදිළිව සවන් දීම සඳහා ශ්‍රවණ උපකරණ උපයෝගී කරගැනීම බහුලව දක්නට ලැබෙන බවයි ඇය කියා සිටියේ.
මෙම උපකරණ පාලනයක් සහිතව භාවිත කිරීම මඟින් මෙම තත්ත්වය අවම කර ගත හැකි බවයි ඇය පවසන්නේ.
එමෙන්ම ඇතමුන් කන් පිරිසිදු කිරීම සඳහා විවිධ උපකරණ භාවිත කිරීම හේතුවෙන් කණ අභ්‍යන්තරයට හානි සිදුවිය හැකි බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.