පස්යාල – ගිරිඋල්ල මාර්ගයේ දී මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.
අද (08) පස්වරු 05ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ මීරිගම – කල්එළිය ප්‍රදේශයේ දී බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරට ලක් වී ඇත්තේ ට්‍රක් රථයක්, ත්‍රීරෝද රථ 08ක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක්.
අදාළ ට්‍රක් රථයෙහි තිරිංගවල ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක්, ත්‍රීවිල් 08ක සහ යතුරුපැදියක ද ගැටී නිවසක තාප්පයේ ද ගැටී නතර වී ඇති බවයි.
අනතුරින් කිසිවෙකුත් ජීවිතක්ෂයට පත්ව නැති අතර, සිද්ධියෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.