Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පෙම නතර කළ කෝපයට පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මඟින් යැවූ සරසවි සිසුවාට වැඩ වරදී

1 year ago 5.9 K

සරසවි පෙම්වතිය පෙමට පිටු පෑවැයි උරණව  ඇයගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් ඇගේ මවට සහෝදරියන් සහ සහෝදරයන් ගේ ජංගම දුරකථනවලට වට්ස්ඇප් මගින් යැවූ බව කියන සරසවි සිසුවෙක් පොලිස් ලමා හා කාන්තා කාර්‍යංශය පොලිස් කණ්ඩායමක් විසින්  සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර සරසවි සිසුවා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.

පැමිණිලිකාර සරසවි සිසුවිය නිකවැරටියට නුදුරු ප්‍රදේශයක පදිංචි තැනැත්තියකි.

මෙම සැකකරු හා පැමිණිලිකාර තරුණිය සරසවි දෙකක ඉගෙනුම ලබති.

කාලයක් තිස්සේ සිට මොවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

සරසවි සිසු පෙම්වතා තමන්ට ගැළපෙන්නේ නැති බව කියමින් මෑතකදී ඔහුගෙන් වෙන් වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

සැකකාර සරසවි සිසුවා යළිත් තමා සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වන ලෙස සරසවි සිසුවිය ට දිගින් දිගටම ඇවිටිලි කර ඇතත් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද පොලිසිය පැවැසීය.

සරසවි සිසු පෙම්වතා ඊට පළිගැනීමක් ලෙස ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන යන අතර වාරයේ ලබාගත් ඇයගේ නිරුවත් දර්ශන සහිත වීඩියෝවක් මවට සහෝදර සහෝදරියන්ගේ ජංගම දුරකථන වලට වට්ස්ඇප් මගින් යවා ඇතැයි පොලිසිය පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *