Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර මීළඟ ජනපතිවරණයට ?

2.4 K

දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති ප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ වන විටත් ඒ සඳහා ඔහු ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ද ලබාගෙන බව සඳහන් වනවා.

දිලිත් ජයවීර මහතා සිය අනාගත දේශපාලන ගමන වෙනුවෙන් ලබාගෙන ඇත්තේ හේමකුමාර නානායක්කාර මහතාගේ නායකවත්යෙන් ලියාපදිංචි කර ඇති මව්බිම ජනතා පක්ෂ බවයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඒ මහතා මේ වන විට අරමුණ නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා.

වැඩිදුරටත් වාර්තා වන්නේ දිලිත් ජයවීර මහතා දැනටමත් අදාළ සංවිධානය හරහා දිවයින පුරා ව්‍යාපාරිකයින් ආර්ථික අර්බුදයට මුහුණ දෙන ආකාරය පිළිබඳව එම ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි.

මීළග ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන යන මහතුන් ද ඉදිරිපත් වනු ඇති බව දැනටමත් සාකච්චා වෙමින් ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *