Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුතින් එන සමාගම් සිපෙට්කෝ මිලට වඩා අඩු මිලට ඉන්ධන විකුණයි! ගිවිසුමේ කොන්දේසි මෙන්න!

1 year ago 6.6 K

මෙරට ඉන්ධන වෙළදපොලට අලුතින් පැමිණීමට නියමිත විදේශීය සමාගම් තුනට, මෙරට තුළ ඉන්ධන වෙළදාමේ දී සිය පාරිභෝගිකයන් සදහා සිපෙට්කෝ මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබා දීමට රජය අවසර දී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.

රජය, අදාල සමාගම් සමග මේ මස අවසන් වීමට පෙර ගිවිසුම් අත්සන් තැබීමට කටයුතු යොදා ඇති අතර, ලබන මාසයේ සිට එම සමාගම් මෙරට තුළ ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු ආරම්භා කිරීමට නියමිත ය.

චීනයේ සිනොපැක්, ඕස්ටේ්‍රලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ එක්සත් ජනපදයේ ෂෙල් යන සමාගම් මෙරට ඉන්ධන වෙළද පොල සදහා එක්වන විදේශීය සමාගම් ය.

මෙකී සමාගම්, සිපෙට්කෝ ඉන්ධන මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමත් සමග, සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත තිබෙන ඉල්ලුව අඩු වන අතර, ඒ මගින් රජය ඉන්ධන ආනයනය සදහා වාර්ෂිකව දරන පිරිවැය ද අඩුවෙනු ඇත.

මේ වන විට රජය මාසිකව ඉන්ධන ආනයනය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 450 ක පමණ පිරිවැයක් දරයි.

මෙරට ඉන්ධන වෙළදාම සදහා පැමිණෙන විදේශීය සමාගම් වාර්ෂිකව ඩොලර් බිලියන 2.2 ක වටිනාකමකින් යුතු ඉන්ධන තොගයක් ආනයනය කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

සිය මෙහෙයුම් කටයුතු මෙරට තුළ සිදු කිරීම සදහා වසර විස්සක කාලයකට අදාලව එකී සමාගම් රජය සමග ගිවිසුම්ගතවන අතර සෑම වසරකම ඩොලර් මිලියන දෙකක මුදලක් රජයට ගෙවිය යුතුය.

සමාගම් ඔවුන්ගේ ලාභය එක වර රටින් පිටතට ගෙන යාම වළක්වන රෙගුලාසිද ගිවිසුම තුළ අඩංගු වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *