Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බස් එකේ හා දුම්රියේ ටිකට් දුන් යුගය නිමයි! ටිකට්පත් වෙනුවට QR කේතයක්!

1 year ago 4.6 K

මුදල් භාවිතයෙන් තොරව බස් හා දුම්රිය ටිකටිපත් QR තාක්ෂණය හරහා තමන්ටම ලබාගත හැකි ක්‍රම වේදයක් මේ වසර තුළදී හඳුන්වාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඇතැම් පළාත්වල බස් රථ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් නියමිත මගී ප්‍රවේශපත්‍ර ගාස්තු ඩිපෝවට භාර නොදෙන බවද, ඊට විසඳුමක් ලෙස මුදල් භාවිතා නොවන මෙම නව තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලබාදුන් බස්රථ 26ක් නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක දෙකේ ලංගම ඩිපෝවලට බෙදාදීමේ අවස්ථාවට අද(09) එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *