මෙරටට පැමිණීමට නියමිත විදෙස් ඉන්ධන සමාගම් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පවතින ඉන්ධන මිල ගණන්වලට වඩා අඩු අගයකින් ඉන්ධන අලෙවි කිරීමට රජය අවසර ලබා දී තිබෙනවා.
සමාගම් තුනක් සඳහා මෙරට ඉන්ධන අලෙවිය සිදුකිරීමට අවසර ලබාදී ඇති අතර ඊට අදාළ ගිවිසුම්වල කාර්යයන් මේ මස අගදී අවසන් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර ලැබුණු සමාගම්වලට ඛනිජ තෙල් සංස්ථාවේ මිලට වඩා සැලකිය යුතු මට්ටමක අඩු මිලට ඉන්ධන අලෙවි කිරීමට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන්නේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් එම සමාගම්වල නියෝජිතයින් අතර එකඟතාවන්ට පැමිණීමට නියමිත අතර ඉන් පසුව අඩු මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට අවසර ලබාදීමට නියමිතයි.
එම තත්ත්වය තුළ තරඟකාරී වෙළෙඳපොළක් නිර්මාණය වීම, සංස්ථාවේ ඉන්ධන ඉල්ලුම අඩුවීම සහ රටේ ඉන්ධන අර්බුධයක් ඇතිවීමේ තත්ත්වයන් සමනය වනු ඇති බවයි සඳහන් වන්නේ.