Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයෙන් නොමිලේ දෙන හාල් ගන්න ගිය මවක් තෙරපීමකින් ජීවිතක්ෂයට

2 years ago 1.5 K

දිළිඳු පවුල් සඳහා රජය මගින් නොමිලේ ලබා දෙන සහල් ලබා ගැනීම සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පිරිස අතර ඇති වූ අධික තෙරපීමක් හේතුවෙන් සිහිසුන්ව ඇඳ වැටුණු කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ, තලාතුඔය, පුස්සතන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි එක දරු මවක්.

ඇය පෙරේදා (08) දින පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සිටි අවස්ථාවේදී එතැන සිටි පිරිස් අසංවර ලෙස හැසිරීම හේතුවෙන් මෙම තෙරපීම සිදු වී තිබෙනවා.

එහිදී අදාළ කාන්තාව කාලයක් තිස්සේ දියවැඩියාව සඳහා සායනික ප්‍රතිකාර ලබාගෙන ඇති තැනත්තියක නිසාවෙන් පෝළිමේ සිටියදී ශරීරයේ සීනී මට්ටම අධික ලෙස පහත වැටීම මෙම මරණය සිදුව තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ගිලන් රථයක් මගින් රෝගියා තලාතුඔය රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර සඳහා ඇතුලත් කරන විටත් කාන්තාව ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *