Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගර්භනී මව්වරුන්, කුඩා දරුවන් හා වැඩිහිටියන්ට වැඩි වශයෙන් බලපෑම් එල්ල කරනා වෛරස් රෝගයක සීඝ්‍ර පැතිරීමක්

1 year ago 2.9 K

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛය අංශ පවසනවා.

ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, මාංශපේෂී වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව සහ සෙම තත්ත්වයයි.

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මෙම රෝගී තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවන්නේ ගර්භනී කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින්ටයි.

වෛද්‍ය අංශ එවැනි පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් ප්‍රවේශම් වන ලෙසයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා.

මේ වසරේ ගතවූ මාස තුනහමාරක කාලය තුළ මී උණ රෝගීන් 124 ක් වාර්තා වී ඇති අතර, ඉන් 15 දෙනෙකු මියගොස් ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි කියා සිටියේ. ඒ අතර වයස අවුරුදු 13 ක පාසල් සිසුවියක් ද වනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *