Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් නිවාඩු කාලය සංශෝධනය කෙරේ

1 year ago 49.2 K

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් කල් දැමීමට තීරණය කිරීමෙන් පසු පාසල් නිවාඩු කාලය සංශෝධනය කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් 17 වැනිදා ආරම්භ වන පාසල් වාරය මැයි 29 වැනිදා දක්වා පැවැත්වෙනවා.

නව පාසල් කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වැනිදා ආරම්භ වන අතර එය ජුනි 8 වැනිදා දක්වා පැවැත්වෙනවා.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ප්‍රමාද වීම හේතුවෙන් 2022 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය කල් දැමූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *