Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇමෙරිකාන බැංකුවක් ලංකාවට එරෙහිව ගොනු කළ නඩුව විභාගයට ගැනීමට අවසර

1 year ago 1.1 K

හැමිල්ටන් රිසර්ච් බැංකුව, ශ්‍රී ලංකාවට එරෙහිව පවරා ඇති ශ්‍රී ලංකා රජය ණය ගොවීම පැහැර හැරීම සම්බන්ධ නඩුව ඉවත දමන මෙන් ඉල්ලා ලංකා රජය ගොනු කළ මෝසම ප්‍රතික්ෂේප කිරීමට නිවියෝර්ක් දිස්ත්‍රික් අධිකරණය තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250කට වඩා වැඩි මුදලක් හිමි ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුවට බව පැවැසේ. ඉකුත් ජූලි මස කල් පිරුණු 5.875%ක ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට ශ්‍රී ලංකාව මුදල් සහ පොලි නොගෙවීම හේතුවෙන් නිව් යෝර්ක් අධිකරණයේ චෝදනා ගොනු කළ ‘හැමිල්ටන් රිසර්ව්’ බැංකුව එහිදී තම බැඳුම්කර සඳහා පොලිය සහ මුදල එකවර ගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

පසුගිය ජූලි මස කල් පිරුණු  ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ශ්‍රී ලංකා රජය හැමිල්ටන් රිසර්ව් බැංකුවට මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 250.1ක් සහ පොලිය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 7.3ක මුදලක් ගෙවිය යුතුව තිබිණි.

ලංකා රජයේ මෝසම මෙලෙස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ණය ගෙවීම පැහර හැර ඇතැයි සඳහන් කරන, ලංකා රජයට එරෙහි නඩුව ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *