Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දින දෙකක සිට අතුරුදහන්ව සිටි අවුරුදු දෙකේ සිඟිත්තියගේ නිසල සිරුර අසල්වැසි නිවසක දොරේ එල්ලා තිබූ බෑගයකින් හමු වෙයි

6 months ago 6 K

දින දෙකක සිට අතරුදන්ව සිටි කුඩා දැරියකගේ මළ සිරුර අසල්වැසි නිවසක් තුළ බෑගයක දමා දොරක එල්ලා තිබිය දී සොයාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ, නොයිඩා ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, අදාළ නිවසේ හිමිකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සිය වයස අවුරුදු 02ක් වයසැති දියණිය අතුරුදන්ව ඇති බවට ඇයගේ මව්පියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව ඇය සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණා.

එහිදී තම අසල්වැසියා වන රාඝවේන්ද්‍රගේ අගුලු දමා ඇති නිවස දෙසින් දුඟදක් හමන බවට අතුරුදන් දැරියගේ පියා විසින් පොලිසයට පවසා තිබෙනවා.

පසුව වසා දමා තිබූ නිවස පොලිසියේ ද සහාය ඇතිව විවෘත කර සිදුකළ සෝදිසියේ දී දැරියගේ සිරුර දොරක එල්ලා තිබූ බෑගයක් තුළ තිබී හමුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම දැරියගේ මව්පියන් දෙදෙනාම අසල කර්මාන්ත ශාලාවක සේවය කරන අතර, දැරියගේ පියා රැකියාවට ගොස් සිටිය දී සහ ඇගේ මව පසුගිය සිකුරාදා වෙළඳපොළට ගිය අවස්ථාවේ දී දැරිය නිවසින් අතරුදන්ව ඇති බවයි හෙළිව ඇත්තේ.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇත්තේ ගෙල සිරකිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

දැරිය ඝාතනය කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ වනවිට සැඟව සිටින අසල්වැසි නිවසේ පදිංචිව සිටි පුද්ගලයින් සොයා විමර්ශන ක්‍රියාත්මක බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *