Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බිරිඳ සොයා ගෙන ආ බෑනා නිවසේ සිටි නැන්දම්මාට සිදු කළ අපරාධය

1 year ago 5 K

පසුගියදා පොල්පිතිගම පොලිස් වසමේ අලුත්වෑගෙදර ප්‍රදේශයේ දී කාන්තාවකට පහර දී ඝාතනය කර ඇති බවට පොල්පිතිගම පොලිසියට ලද 119 කෙටි පණිවුඩයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ පොල්පිතිගම අලුත්වෑගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

මරණකාරිය තම සැමියා සමඟ නිවසේ සිටියදී බෑණනුවන් නිවසට පැමිණ ඔහුගේ බිරිඳ වන මරණකාරියගේ දියණිය කොහේදැයි විමසා තිබෙනවා.

අනතුරුව මරණකාරියගේ සැමියා සමග බහින්බස් වීමක් ඇතිකරගෙන තිබෙන අතර එය දුරදිග යාමෙන් පසු මියගිය කාන්තාවගේ සැමියා හා බෑණනුවන් අතර පොර බැදීමක් සිදුවන අවස්ථාවේ දී මරණකාරිය එම ස්ථානයට පැමිණ ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී බෑනා ඇයට පහර දී ගෙල පාගා සිරකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ මරණකාරිය සහ ඇගේ සැමියා පොල්පිතිගම රෝහලට ඇතුලත්කර ඇති අතර ඒ වන විටද මෙම කාන්තාව මියගොස් සිටිබව පොලිසිය පවසනවා.

මෘතශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පොල්පිතිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *