Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙරට රිලවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක්! රිලව් ලක්ෂයක් යවන්න සූදානම්!

2 years ago 5.4 K

ශ්‍රී ලංකාවේ ඉහළ යන රිළා ගහනයට විසඳුමක් ලබාදෙමින් මෙරට රිළවුන්ට චීනයෙන් ඉහළ ඉල්ලුමක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවය.

මෙම ඉල්ලීම අනුව මෙරට රිළවුන් 100,000ක් පළමු අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (11) දින බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්වී ඇත.

මෙම සාකච්ඡාව අනුව මෙරට රිළවුන් විදේශ රටක් සඳහා ලබාදීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

දැනට අප රටේ රිළවුන් ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබේ. මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිළවාය. රිළා ගහනය අවම කරගැනීම සඳහා රජය විසින් මෙතෙක් ගත් සියලු උත්සාහයන් ව්‍යවර්ථ වී ඇති පසුබිමක මෙම ඉල්ලීම කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.

රිළවුන්ගෙන් සිදුවන වැඩිම හානිය වාර්තා වන්නේ වයඹ පළාතෙනි.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රිළවුන්ගෙන් මෙරට වගාවන්ට සිදුවන හානිය දෙස බලනවිට රිළවුන් ලබා ගැනීම සඳහා වෙනත් රටක් ඉදිරිපත්වීම ම සතුටට කාරණයක් බවට මෙම සාකච්ඡාවේදී අවධානයට ගත් බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *